සිවිල් ලියාපදංචිය.

  1. උපත්/ විවාහ/ මරණ ලියාපදිංචිය.
  2. වයස ආසන්න වශයෙන් සනාත කිරීම සඳහා සහතික පත් ලබා දීම.

24 වගන්තිය යට‍තේ කල්ගතවූ උපතක් ලියාපදිංචි කිරීමට අවශ්‍ය ලියවිලි

  1. රෝහල් වාර්තාව/ ග්‍රාම නිළධාරී B-23 වාර්තාව.
  2. දෙමාපියන්‍‍ගේ විවාහ සහතික‍වල මුල් පිටපත්.
  3. දෙමාපියන්‍‍ගේ  උප්පැන්න සහතික‍වල මුල්පිටපත්.
  4. දෙමාපියන්‍‍ගේ ජාතික හැඳුනුම්පත් 2  හා  එහි පිටපත් 2.
  5. සෞඛ්‍ය වර්ධන සටහ‍නේ පිටපතක්.
  6. ග්‍රාම නිළධාරී පදිංචි සහතිකය.(ප්‍රාදේශීය ලේකම්ගේ අනු අත්සන සහිත)
  7. හිස් ප්‍රතිඵල වාර්තාව
  • ප්‍රකාශ පත්‍ර භාරදීමට මව,පියා,දරුවා සමඟ  සති‍යේ දිනවල පෙ.ව. 8.30ත් ප.ව. 3.00 අතර පැමිණිය යුතුයි.

උප්පැන්න සහතිකයක පියාගේ තීරයේ ‍හෝ, ‍දෙමව්පියන්ගේ විවාහකභාවය ‍හෝ, මුත්තාගේ තීරයේ යම් සං‍ශෝධනයක් කිරීමට අවශ්‍ය ලියවිලි (27 A)

  1. සං‍ශෝධනය කළ යුතු උප්පැන්න සහතික‍යේ මුල් පිටපතක්.
  2. පියාගේ උප්පැන්න සහතික‍යේ මුල් පිටපත.
  3. දෙමාපියන්ගේ විවාහ සහතිකයේ මුල් පිටපත.
  4. පියා‍ගේ ජාතික හැඳුනුම්පත හා එහි ඡායා පිටපතක්.

උප්පැන්න සහතිකයක උපන් දිනය හෝ ස්ත්‍රී පුරුෂ භාවය නිවැරැදි කර ගැනීමට අවශ්‍ය ලියවිලි.(52-1)

  1. සං‍ශෝධනය කළ යුතු උප්පැන්න සහතික‍යේ මුල් පිටපත.
  2. රෝහලක නම් උපත් විස්තර වාර්තාව
  3. නිවසක නම් ග්‍රාම නිළධාරී B-23 වාර්තාව හා උපන් දිනය සඳහන් වෙනත් ලියවිලි.
  4. දෙමාපියන්ගේ විවාහ සහතිකයේ මුල් පිටපත.
  5. මව/පියා /භාරකරු‍ගේ ජාතික හැඳුනුම්පත හා එහි පිටපත්.                

උප්පැන්න සහතිකයක මවගේ තීරය හෝ දැනුම් ‍දෙන්නාගේ  තොරතුරු  නිවැරැදි කර ගැනීමට අවශ්‍ය ලියවිලි. 

  1. සං‍ශෝධනය කළ යුතු උප්පැන්න සහතික‍යේ මුල් පිටපතක්
  2. මව‍ගේ උප්පැන්න සහතික‍යේ මුල් පිටපතක්.
  3. මව‍ගේ විවාහ සහතික‍යේ මුල් පිටපතක්.
  4. මව‍ගේ ජාතික හැඳුනුම්පත හා එහි පිටපතක්.
  • ප්‍රකාශ පත්‍ර භාරදිය යුත්තේ අදාල පුද්ගලයා / මව / පියා / භාරකරු විසින්

 

  • වයස අවුරුදු 07ට අඩු අයකු‍ගේ නම වෙනස් කිරීමට අවශ්‍ය ලියවිලි.
    •    සංශෝධනය කළ යුතු උප්පැන්න සහතික‍යේ මුල් පිටපත.     
    •    දෙමාපියන්ගේ ලිඛිත ඉල්ලීම.
    •    දිවුරුම් ප්‍රකාශයක්.
    •    දෙමාපියන්ගේ විවාහ සහතිකයේ මුල් පිටපතක්.
    •    ප්‍රකාශකගේ ජාතික හැඳුනුම්පත හා එහි පිටපතක්.           
       ප්‍රකාශය ඉදිරිපත් කළ යුත්තේ එම අයගේ / මව / පියා / භාරකරු විසින්ය.   


    වයස අවුරුදු 07 ට වැඩි අය‍ගේ නම වෙනස් කිරීමට  අවශ්‍ය ලියවිලි
      
  • සං‍ශෝධනය කළ යුතු උප්පැන්න සහතික‍යේ මුල් පිටපතක්.  
    •    නම් ‍දෙකින්ම හැඳින්වෙන්නේ එකම පුද්ගලයකු බවට දිව්රුම්  ප්‍රකාශයක්.   
    •    ග්‍රාම නිළධාරීගේ නිර්දේශ ලිපිය.(ප්‍රා.‍ලේ.අනු අත්සන සහිත)
    •    පුවත්පත් දැන්වීම.
    •    ජාතික හැඳුනුම්පත හා එහි පිටපතක්.
     සම‍ඟ,  අළුත් නම වසරකට වඩා වැඩි කාලයක් භාවිතා කර ඇති බවට වෙනත් පිළිගත හැකි ලියවිලි 3ක්.

        උදා:  විවාහ සහතිකය, දරුවන්ගේ උප්පැන්න, බැංකු පොත්, අධ්‍යාපන සහතික ,වැටුප් විස්තර, ඔප්පු පිටපත් ආදිය, නම වෙනස් කරන අයගේ, වයස අවුරුදු 21ට අඩුනම් ප්‍රකාශය ඉදිරිපත් කළ යුත්තේ  එම අය‍ගේ මව/පියා/භාරකරු විසින්ය.
        නම ‍වෙනස් කරන අයගේ වයස අවුරුදු 21ට වැඩි නම් ප්‍රකාශය  ඉදිරිපත්  කළ යුත්තේ එම අය විසින්ය.


    36 වගන්තිය යට‍තේ කල්ගතවූ මරණයක් ලියාපදිංචි කිරීමට අවශ්‍ය ලියවිලි
    •    මියගි‍යේ ‍රෝහලක නම් රෝහල් මරණ ප්‍රකාශය.
    •    මියගි‍යේ නිවසේදී නම් ග්‍රාම නිළධාරී B-24 මරණ වාර්තාව.
    •    ග්‍රාම නිළධාරී ලිපිය (ප්‍රා.ලේ.අනු අත්සන සහිත)
    •    මරණය සම්බන්ධ දැන්වීම්/ශෝක ප්‍රකාශ ආදිය.
    •    මල්ශාලා බිල්පත්.
    •    මරණය සම්බන්ධයෙන් ස්වාමින් වහන්‍සේගේ / දේවගැතිතුමන්ගේ ලිපිය.
    •    මියගිය අය‍ගේ උප්පැන්න සහතිකය / විවාහ සහතිකය / ජාතිකහැඳුනුම් පත.
    •    ප්‍රකාශක‍ගේ  උප්පැන්න සහතිකය / විවාහ සහතිකය.
    •    ප්‍රකාශක‍ගේ ජාතික හැඳුනුම්පත හා එහි පිටපත්.
    ප්‍රකාශ පත්‍ර භාර ගනු ලබන්‍‍නේ පෙ.ව.8.30 සිට ප.ව.3.00 දක්වා පමණයි.
                

    විවාහ වීමට අවශ්‍ය සුදුසුකම්
    •    පාර්ශ්වකරුවන් ගම්පහ දිස්ත්‍රික්කයේ දින 10 කට නො අඩුව පදිංචි වී සිටිම.
    (පාර්ශ්වකරුවන් දිස්ත්‍රික්ක 2ක පදිංචි කරුවන් නම්,එම දෙපාර්ශවය වෙන වෙනම තමන් පදිංචි දිස්ත්‍රික්කයේ රෙජිස්ට්‍රාර් වරයාට විවාහ දැන්වීම් භාරදිය යුතුය.)  

    •    පාර්ශ්වකරුවන් දෙදෙනාම වයස අවුරුදු 18 ට වැඩිවිය යුතුය.

    •    පාර්ශවකරුවන් විවාහ වන විට ඔවුන් අතර ඒ වන විටත් වලංගු විවාහයක් නොමැති විය යුතුය.
    (දික්කසාද වී ඇත්නම් නඩු වාර්තාවේ පිටපතක් ඉදිරිපත් කළ යුතුය.)

      විවාහ ලියාපදිංචි කිරීමට අවශ්‍ය ලියවිලි
        පාර්ශ්වකරුවන් දෙදෙනාගේම ජාතික හැඳුනුම්පත් 2ක හා එහි ඡායා පිටපත්.
        පාර්ශ්වකරුවන් දෙදෙනාගේම උප්පැන්න සහතික මුල් පිටපත් 2ක හා එහි ඡායා පිටපත්.
        සාක්ෂිකරුවන් දෙදෙනාගේම ජාතික හැඳුනුම්පත් 2ක හා එහි ඡායා පිටපත්.
        සැ:යු: පාර්ශ්වකරුවන්ගේ ජාතික හැඳුනුම්පත් වල ගම්පහ දිස්ත්‍රික්කයෙන් පිට ලිපිනයක් සඳහන්ව ඇත්නම්, දැනට ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි බවට ග්‍රාම නිලධාරීගෙන් ලබාගත් පදිංචි සහතිකය රැගෙන ඒම අත්‍යවශ්‍ය වේ.

 


 

 

අදාල පෝරම භාගත කරන්න විවාහ

                                     මරණ

                                     උපත්

                                     ලියාපදිංචිය

                                     නම සංශෝධනය

 

 

 

 

 

 

 

 

 

News & Events

22
සැප්2022

වත්තල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2024.12.20

වත්තල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2024.12.20 වෙනි...

Scroll To Top