අපගේ දැක්ම

ඵලදායී හා කාර්යක්ෂම සේවාවක් තුළින් මහජන අවශ්‍යතා සපුරාලීම

අපගේ මෙහෙවර

මහජන සහභාගීත්වය සහ තිරසාර සැලසුම් සහගත සංවර්ධන ක්‍රියාවලිය සමඟ සම්පත් සම්බන්ධීකරණය තුළින් මහජන ජීවන රටාව සවිබල ගැන්වීම සහ රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව ඉහළ කාර්යක්ෂමතාවයකින් සේවා සැපයීම

 map2

වත්තල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විසින් පුරවැසියන් සදහා ලබා දෙනු ලබන සියලුම සේවා කාර්යාලීය පෙරටු කාර්යාලය මගින් ඉටු කරගැනීමේ පහසුකම් ලබා දී ඇත. සාමාන්‍යයෙන් උප්පැන්න, විවාහ, මරණ සහතික ලබා ගැනීමේදී අයදුම්පත්‍ර පුරවා දිය යුතු නමුත් මෙම කාර්යාලයෙන් ලබා ගැනීමට පැමිණීමේදී රැගෙන ආ යුතු වන්නේ අදාල වටිනාකමට මුද්දර පමණි. වර්තමානයේදී තොරතුරු හා සංනිවේදන තාක්ෂණ ක්‍රම භාවිතා කරමින් වඩාත් උසස් රාජ්‍ය සේවයක් ලබා දීමට සංවිධානාත්මක ව්‍යුහයත් නිර්මාණශීලී මානව සම්පතත් යොදා ගනු ලබයි. දිනකට සේවා ලාභීන් 200 කට අධික ප්‍රමාණයක් අප ආයතනයෙහි සේවා ලබා ගැනීමට පැමිණේ.

ස්ථානය පදනම් වූ තොරතුරු

20150410 103839 images1
 Untitled  Untitled5
 LK201001  images

 

දකුණින් මීගමු කලපුව, නැගෙනහිරින් කැලණි ගඟ, ජාඇල සහ මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට මායිම් වූද  බටහිරින් ඉන්දියන් සාගරයට මායිම් වූ වර්ග කිලෝමීටර් 56.6 ක් වූ භූමි ප්‍රදේශයකි.මෙම භූමි ප්‍රදේශයේ උසම ස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 100 කට වඩා වැඩි නොවේ.. වෙරළ තීරයේ වෙරළබඩ ලක්ෂණ සහ වගුරු බිම් වෙරළබඩ පහත්බිම් දිගේ පැතිර ඇත.

මුතුරාජ වෙල වැදගත් වන අතර ජනප්‍රවාදවලට අනුව මුතුරාජ කැලණිතිස්ස රජුගේ පාලන සමයේදී වී වගාව සාර්ථක වී ඇති අතර මෙම ප්‍රදේශය සිහිවීම පිණිස ඔහුට මුතුරාජවෙල යන නම ලැබුණු බව කියැවේ.

මෙම ප්‍රදේශයේ මුතු සම්බා වගා කර තිබූ නිසා මෙම නම භාවිතා වූ බව තවත් ජනප්‍රවාදයක සඳහන් වේ.මේ වන විට මෙම ප්‍රදේශය ලවණ ජලය නිසා වැසී ගොස් ඇත.

 

1991 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

නම සිට දක්වා
P.L.ගුණසිංහ මහතා මයා  1991 1993
ගුණසිරි ධර්මපාල මයා  1993 1998
P.හතරසිංහ මයා  1998 2000
H.D.S.මල්කාන්ති මිය  2000 2005
N නිමල්කා ඩයස් මිය  2005 2009
C.L.W.දිසානායක මිය  2009 2014
W.G.ප්‍රේමලාල් මයා 2014 2017 ජූනි
P.V.D.C.රාජිකා මිය 2017 ජූනි මේ දක්වා

 

 

 

 

News & Events

22
සැප්2022

වත්තල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2024.12.20

වත්තල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2024.12.20 වෙනි...

Scroll To Top